බලහත්කාරයෙන් ශාස්ත‍්‍රකාරියක් දැන්වීමට ගත් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරාට වැඬේ වැරදිලා

484

ශාස්ත‍්‍ර කියනු ලබන කාන්තාවක් රවටාගෙන හෝටල් කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් අතවර කළ බව කියන ශාස්ත‍්‍ර හා ගුරුකම් කරන ගුරෙකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යංශය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 32 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. මොහු පුද පූජා පැවැත්වීම සඳහා හික්කඩුව, සීනිගම දේවාලයට පැමිණෙන අයෙකි. අතවරයට ලක්වූ ශාස්ත‍්‍රකාරියද සීනිගම දේවාලයට පුද පූජා පැවැත්වීම සඳහා පැමිණ ඇත. ඇය 30 හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි. දේවාලයට පැමිණි දිනයකදී ශාස්ත‍්‍රකාරිය ගුරුන්නාන්සේගේ කාරය අසලට ගොස් ඇති අතර එහිදී සැකකරු ඇයට බීම වීදුරුවක් ලබාදී ඇත. පසුව ඇය සිහිසුන්ව ඇති අතර සිහිය ලැබෙන විට ඇය පාළු නිවසක සිට ඇත. ඇය ත‍්‍රිරෝද රථයකින් යළි නිවසට පැමිණ තිබේ.

දින 10 කට පමණ පසු ගුරුන්නාන්සේ ශාස්ත‍්‍රකාරියට දුරකථනයෙන් කතාකොට වට්ස්ඇප් අංකයක් ඉල්ලාගෙන ඇත. පසුව මැඩම්ගේ සෙල්ලම් පෙන්වන්නම් කියා නිරුවත් ඡායාරූප පෙන්වා ඇති අතර දැන් ඉතින් මම කියන විදියට වැඩකරන ලෙස පවසා ඇත. පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කොට බියවද්දා මෙකී ශාස්ත‍්‍රකාරිය තම ගුරුකම් සඳහා ප‍්‍රචාරක කටයුතු ලෙස යොදාගෙන ඇත. මෙම ගුරුන්නාන්සේගෙන් ගුරුකම් කරවාගෙන ප‍්‍රතිකාර ගත් නිසා තමන්ට දැන් දරුවකු ලැබෙන්නට සිටින බවට ශාස්ත‍්‍රකාරිය ලවා කියවාගෙන සැකකරු විසින් විඩියෝගත කොට ඇත. තර්ජනය කිරීම් හමුවේ බියට පත් ශාස්ත‍්‍රකාරිය සිය උදරයට කොට්ටයක් බැඳගෙන දරුවකු ලැබීමට සිටින අයුරින් සිට තිබේ. මේ අයුරින් සැකකාර ගුරා විසින් තම ගුරුකම්වල ප‍්‍රචාරක කටයුතු සඳහා මෙකී කාන්තාව යොදාගෙන ඇත.

ගාල්ල පොලිසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ශාස්ත‍්‍රකාරිය විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙකී සිද්ධිය පිළිබඳ විමර්ශනය කොට ලිංගික අතවර කිරීම, පහරදීම හා බියගැන්වීම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment