බල්ලන්ගෙන් පූසන්ගෙන් දරුවන්ට ලෙඩක්

958

බල්ලන් හා පූසන් නිසා දරුවන් අතරේ ‘ටොස්කොකාරා’ වටපණු ලාවා කියන රෝග තත්ත්වයක් මේ දිනවල පැතිර යමින්් තිබෙන බව බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (18 දා* පැවසීය.
 
 දැනටමත් මෙම රෝග තත්ත්වය වැළඳුනු දරුවන් 4 දෙනකු හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීය.
 
 මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද කීය.
 
 මේ දවස්වල දරුවෝ ගෙවල්වල ඉන්නේ. ළමයි අතරේ ටොස්කොකාරා වටපණු ලාවා කියන රෝග තත්ත්වයක් බෝවෙන්න පටන් අරන් තිබෙනවා. එහිදී දරුවාගේ හමේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. වසා ගැටිති ලොකුවීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ මොළයට බලපාන්න පුළුවන්.ඒ වගේම ඇස් ඇතුලට යන්න පුළුවන්. පෙනහලූවලට යන්න පුළුවන්. මේ රෝගය දරුවාගේ ශරීරයේ තියෙනවා නම් ආහාර රුචිය අඩුවෙන්න පුළුවන්. මෙය මොළයට ගියොත් මෙනින්ජීයතාවය තත්ත්වයක් විදිහට ඒ දරුවාගෙන් පෙන්වන්න පුළුවන්. පස් වගේ දේවල් දරුවා කන්න යන්නත් පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ දරුවන්ගෙන් පෙන්වනවා නම් හැකි ඉක්මනටම දරුවා රෝහලට රැුගෙන එන්න.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment