බල්ලන්ගෙන් පූසන්ගෙන් හොඳටම පරිස්සම් වෙන්න – වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි

448

ජලභීතිකා එන්නත්වල උග්‍ර හිඟයක් පවතින නිසා සුනඛයින් සහ බළලුන් සපාකෑම්වලින් ආරක්ෂා වන ලෙස මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජලභීතිකා වැළඳීමෙන් වාර්ෂිකව මරණ 25ක් 35ක් පමණ වාර්තා වන බවත් ඒ මහතා කීය. මෙම මරණවලින් බොහොමයක් කුඩා සුනඛයන් හපාකෑම්වලට ලක්ව ජලභීතිකා වැළඳීමෙන් සිදුවී ඇති බව නිරීක්ෂණය වූ බව ද ඒ මහතා පැවසීය.

ජලභීතිකා එන්නත් හිඟ වීම නිසා නිවෙස්වල ඇතිදැඩි කරන සුනඛයින් හා බළලුන් හැකි සෑම අවස්ථාවේදීම ජලභීතිකා එන්නත්කරණයට ලක් කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

සුනඛයකු, බළලකු හෝ වෙනත් සතෙකුගේ සපා කෑමට ලක්වුවහොත් විනාඩි 05ක් 10ක් සබන් යොදා සෝදාහැර රජයේ රෝහලක් වෙත රෝගියා රැගෙන යෑමට කටයුතු කරන ලෙස ද කිත්සිරි මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment