බල්ලා නෑවූ  රළ පහරට  රත්ගම සිසුවා බිලි

252

නිවසේ සුරතලයට ඇති කරනු ලබන සුනඛයකු නෑවීම සඳහා බූස්ස, වැල්ලබඩ මුහුදු තීරයට ගොස් සිටි පිය පුතු දෙදෙනකු රළ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර පියා දිවි බේරා ගෙන ඇත. පුතා පැයකට පමණ පසු සොයා ගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බැව් රත්ගම පොලිසිය පවසයි.

පෙරේදා (29 දා) පස්වරු 4.30ට පමණ මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය පවසයි. පියා හා පුතු සුනඛයා නාවමින් සිටියදී රළපරකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර වෙරළ තීරයේ සිටි අයකු විසින් පියාගේ දිවි බේරා ගෙන ඇත. පැයකට පමණ පසු ප‍්‍රදේශවාසීන් හා කිමිදුම්කරුවන් එක්ව පුතු සොයාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් තිබුණි. මියගොස් ඇත්තේ රත්ගම, පන්සල පාර, බූස්ස ලිපිනයේ පදිංචි 14 හැවිරිදි වියේ පසුවන ඉෂේන් සුභාෂ් දෙවින්ද සිල්වා නමැති පාසල් සිසුවෙකි.

මියගිය පාසල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (30 දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. රත්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment