බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම: පොහොට්ටුවේ හවුල් පක්‍ෂ අද අගමැතිට කරුණු කියති

233

කෙරවලපිටිය බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධ ප‍්‍රශ්නය විසඳා ගැනීමට අද (23)  අගමැතිවරයා සමග සාකච්ජා කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීම ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එය නොපැවැත්වූ අතර එය අද (23 දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන බව පක්ෂ නායකයෙක් සඳහන් කළේය.

මෙහිදී ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ කෙරවළපිටිය බලාගාරයේ කොටසක් ඇමරිකානු සමාගමකට දීම ගැන අගමැතිවරයාට කරුණු දැක්වීමට නියමිතය.

අනුර බාලසුරිය – රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment