‘බලූ ආන්ටි’ පෝලිමේ කප් ගහලා

1089

සිරියාවතී ගුරු මවකි. විශ‍්‍රාම ගියේ බොහෝ කලකට පෙරය. බැංකු නිලධාරියකු වූ සැමියා ද මියගියේ අකාලයේය. දරු මුණුබුරන් කිසිවකු නැති ඇය ජීවත්වූයේ තනිවමය. ඇයගේ තනිකම, පාළුව මකා දැමීමට සිටියේ බලූ රංචුවකි. ‘බලූ ආන්ටි’ ලෙස ඇයට නම වැටුණේ පාරේ ඇවිදයන බල්ලන්ට පවා රැකවරණය දෙන්නට ඇය කටයුතු කළ නිසාය.

 ඇය පදිංචි කිරිඳිවැල නිවස බල්ලන්ගේ රජදහනකි.

 ඇගේ නිවසේ ගෑස් සිලින්ඩර් දෙකකි. ඇගේ කාරයට පෙට‍්‍රල් අවශ්‍ය ය. හැටපස් හැවිරිදි ඇය ඉතා සුවච කීකරු බල්ලන් හතරදෙනකු නන්වාගෙන ගම්පහ නගරයට ආවේ නිවසට අවශ්‍ය අඩුම කුඩම ගන්නටය. ගෑස් පෝලිම ළඟ බල්ලන් දෙදෙනකු තැබූ ඇය බල්ලන්ට ඉංග‍්‍රීසි බසින් මොනවදෝ කියා ඊළඟට ගියේ තෙල් පෝලිමටය. තවත් බල්ලකු පෝලිමේ තැබූ ඇය ඊළඟට ගියේ සුපිරි වෙළෙඳසලටය. මුදල් ගෙවන පෝලිමේ බල්ලකු තැබූ ඇය වෙළෙඳසලෙන් අඩුම කුඩුම කූඩයකට දමා තල්ලූ කරගෙන එන විට බල්ලා මුදල් ගෙවන පෝලිමේ මුලය. ඊළඟට ඇය තෙල් පෝලිමට යන විට ඊළඟ බල්ලා වාහන පෝලිමේ ඉදිරියෙනි. සේවකයාට කාරණය පහදා දී ඇගේ කාරය ඉදිරියට ගත් ඇය ඊළඟට ගියේ ගෑස් පෝලිමටය. එතැන තබාගිය බල්ලන් දෙන්නා මිනිසුන් ඉදිරියේ පෝලිමේය. කාරණා කී ඇය ගෑස් සිලින්ඩර් දෙකක්ම මිලදී ගත්තේ පෝලිමේ සිටි මිනිසුන්ගේ කටවල් ඇරී තිබියදීය.

 ‘බලූ ආන්ටි’ පෝලිමේ කප් ගැසුවේ එලෙසිනි. මිනිස්සුන්ට වැඩිය බල්ලො ‘මරු’ හැමෝම කීවේ ‘බලූ ආන්ටි’ නුවණැත්තියක බව කියමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment