බලෙන් වැඩ ගන්නවාට එරෙහිව මානව හිමිකම් යනවා – තෙල් පොදු සේවක සංගමයේ සභාපති

127

තෙල් සංස්ථා සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ගෙනයන බවත්, සේවකයන් බලහත්කාරයෙන් සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවැසීය.

වැඩවර්ජනයේ නිරතව සිටින සේවකයන් ආරක්‍ෂක අංශවල මර්දනකාරී ක්‍රියාවලියෙන් බලහත්කාරයෙන් සේවාවල නිරත කර ඇතැයිද රන්වල මහතා කීය.

මර්දනකාරී වැඩපිළිවෙළ සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හමුදාව ද යොදවා ඇතැයි ඔහු කීය. ලාභ ලබන තෙල් සංස්ථාව පෞද්ගලීකරණය නොකරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටිමින් වැඩවර්ජනය ආරම්භ කළ බව ද රන්වල මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment