බවර් නවතම ව්‍යාපෘති පෙළගැස්මකට

67

පමරට විශාලතම විවිධාංගීකරණ සමාගේ සමූහයක්තවන A. Baur & Co පුද්ගලික සමාගම පහවත් බවර් සමාගම, සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ශක්‍යතා නැංවීමත්, නව අභියෝග භාරගැනීමට ඔවුන් හුරු කරවීමත් අරමුණු කරගනිමින් නවතම පරිවර්තන වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට සැරසෙයි.

මෙම සියලු පරිවර්තන වැඩසටහන්වලට මූලිකත්වය ලබාදෙන්නේ ප්‍රකට ව්‍යාපාර සහ පුද්ගල කළමනාකරණ වෘත්තීකයකු වන බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්, පරිපාලන, මිලදී ගැනුම් සහ තිරසාරත්ව) කෙන් විජයකුමාර් මහතා විසින් වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනයේ (Chartered Institute of Personnel Management Sri Lanka – CIPM) වත්මන් සභාපතිවරයා ද වන ඔහු, CEO සඟරාව (ශ්‍රී ලාංකාවේ) මගින් 2022 වසරේ මෙරට විශිෂ්ටතම මානව සම්පත් ව්‍යාපාර නායකයා ලෙස ද නම් කෙරුණි. නව වැඩපිළිවෙල යටතේ ළමා සහාය වැඩසටහනක් ක්‍රියාවට නැංවූ ශ්‍රී ලාංකාවේ පළමු සමාගම බවට තේවීමට ද බවර් සමාගමට හැකිවිය. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික අභියෝග හමුවේ එය කාර්යමණ්ඩල සාමාජිකයන්ට විශාල ප්‍රතිලාභයක් විය. මීට පෙර ද විවිධ අසීරු අවස්ථාවන්හිදී තම කාර්යමණ්ඩලයට සහාය වීමට සමාගම පියවර ගත් අතර, විශේෂයෙන්ම කොවිඩ් වසාංගතය හමුවේ සේවකයන්ගේ රැකියා සුරක්තිතභාවය තහවුරු කරන අතරතුර ඔවුන්ට විවිධ පරිත්‍යාග සිදුකිරීමටත්, ඔවුන්ගේ මානසික යහපැවැත්ම පවත්වා ගැනීමටත් බවර් සමාගම නන් අයුරින් සහාය විය.

advertistmentadvertistment
advertistmentadvertistment