බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් 2022 වසරේ වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කෙරේ

59

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණයට ලක්වූ ව්‍යාපාර සමූහයක් වන A Baur & Co (පුද්ගලික) සමාගම හෙවත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්‍ෂ රොල්ෆ් බ්ලාසර් මහතා, 2022 වසරේ වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර වූයේය. අභියෝගවලින් පිරුණු 2022 වර්ෂය තුළ ඔහුගේ නායකත්ව දැක්ම, ශක්තිය සහ නවෝත්පාදන වර්ධනීය චින්තනය ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය හිමි විය.

The CEO Magazine Sri Lanka සඟරාව විසින් සංවිධානය කරන ලද 2022 CEO of the Year සම්මාන උළෙල, පෙබරවාරි 1 වැනිදා කොළඹ Cinnamon Grand හෝටලයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආර්ථික ක්‍ෂේත්‍රය තුළ සුවිසල් කාර්යභාරයක් ඉටුකරන ප්‍රකට සම්භාවනීය ආරාධිතයෝ රැසක් එම උත්සවයට එක්ව සිටියහ. දශක ගණනාවක් පුරා ප්‍රකට සහ කීර්තිමත් දේශීය සහ ජාත්‍යන්තර සැපයුම්කරුවන් අතර ඉහළම ඉල්ලුමක් ඇති ව්‍යාපාරික සහකරුවෙක් ලෙස අඛණ්ඩව රැඳී සිටීමේ අරමුණ ඇතිව, බ්ලාසර් මහතාගේ නායකත්වය යටතේ, සිය ක්‍රමෝපායික දිශානතියේ ශීඝ්‍ර පරිවර්තනයක් ළඟාකර ගැනීමට බවර් සමාගමට හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment