බවර් සමාගම නැවත වරක් මෙරට කාබනික කෘෂිකර්මාන්ත ව්‍යාප්තිය වෙනුවෙන් ස්විස් විශේෂඥ සහාය ලබාගනී

151
ස්විස් විශේෂඥයින් විසින් තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කොම්පෝස්ට් භාවිතයේ ප‍්‍රතිලාභ පිළිබඳව ගම්පහ උද්භිද උද්‍යානයේදී වැඩමුළුවක් මෙහෙයවන ලද අයුරු

හුරුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි සාර්ථකව පරිවර්තනය වීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම සහ ප‍්‍රායෝගික විසඳුම් හඳුන්වාදීමේ සිය අඛණ්ඩ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් පසුගිය මාසයේ මුලදී ස්විට්සර්ලනත් ජාතික කෘෂික විශේෂෂඥයින් පිරිසක් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට මෙරට කෘෂිකර්මාන්ත ක්‍ෂේත‍්‍රය නව මානයකට ගෙන යෑමට පුරෝගාමී සමාගමක් වන බවර් සමාගම කටයුතු කළේය.

බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේ කෘෂිර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසලේ ස්වාභාවික සම්පත් කළමනාකාරණ මහාචාර්යවරයකු වන ක‍්‍රිස්ටෝෆ් ස්ටඩර්, ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මානත පර්යේෂණ ආයතනයේ ශාක ව්‍යාධ්වේදය සහ පාංශු ගුණාත්මකභාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන ආචාර්ය ජැක්ස් ජී. ෆූච් සහ එම ආයතනයේම ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන පෝල් වැන් ඩෙන් බර්ජ් යන මහත්වරු මෙම විශේෂෂඥ කණ්ඩායමට අයත් වූහ.

මෙම ස්විස් විශේෂෂඥයින් කණ්ඩායම විසින් ක‍්‍රියාවට නංවනු ලබන පුළුල් අධ්‍යයන ක‍්‍රියාවලියේ දෙවැනි අදියර වශයෙන් ඔවුහු මෙසේ ශ‍්‍රී ලංකාවට පැමිණියහ. මීට පෙර ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පළමු අදියරේ කටයුතු සඳහා මෙරටට පැමිණි ඔවුහු එහිදී තම දින 10ක සංචාරය තුළ මූලික වටයේ අධ්‍යයන කටයුතු සිදු කළහ. මෙරට කෘෂි පාරිසරික පද්ධතිය අවබෝධ කර ගැනීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් හමුවීමට එහිදී පියවර ගැනුනි. එම අධ්‍යනයේදී අවබෝධ කරගත් කරුණු මත පදනම්ව ක‍්‍රමෝපායිකව හඳුනාගත් විභවතා ක්‍ෂේත‍්‍ර පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම දෙවැනි අදියරේ අරමුණ වේ. දින 9කින් සමන්විතවූ මෙවර සංචාරයේදී ශ‍්‍රී ලංකා රජය හරිත කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් දරන ස්ථාවරය අවබෝධ කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමටද ස්විස් විශේෂෂඥ කණ්ඩායම කටයුතු කළේය. තවද වී පර්යේෂන සහ සංවර්ධන ආයතනය, ක්‍ෂේත‍්‍ර බෝග පර්යේෂණ සංවර්ධන ආයතනය,

ගොවිපොළ යාන්ත‍්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහඉලූප්පල්ලම පිහිටි උප මණ්ඩලය මෙන්ම තේ පර්යේෂණ ආයතනය යන ආයතන වෙත ගොස් එම ආයතනවල කාර්යභාරය සහ කාබනික කෘෂිකර්මාන්තය වෙත එම ආයතනය සතු අනාගත සැලසුම් පිළිබඳවද අධ්‍යයනය කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment