බවර් සමාගම සිය 125 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරයි

31
Baur & Co පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සමඟ A. Baur & Co. පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා ඇතුලූ නිලධාරීන්

ශ්‍රී ලංකාවේ බහුබිධ කර්මාන්ත ක්‍ෂේත්‍ර අතර ප්‍රගතිශීලී නවෝත්පාදනයේ සහ වර්ධනයේ අභිමනාවත් වසර 125ක් සනිටුහන් කිරීමේ සුවිශේෂ මොහොත සමරමින් A. Baur & Co පුද්ගලික සමාගම හෙවත් බවර් සමගාම පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.

දශක ගණනාවක් පුරා සමාගම සතු ශක්තිය සහ දැඩි කැපවීමද අනාගතය වෙනුවෙන් පවතින අභිලාෂකාමී සහ නිර්භීත සැලසුම් ඉදිරිපත් කිරීමද එහි එක් අරමුණක් විය. 2022 නොවැම්බර් 30 වැනිදා කොළඹදී පැවැති මෙම විශේෂ උත්සවයට මෙරට ප්‍රධාන පෙළේ ප්‍රභූවරු රැසක්ම සහභාගි වූහ.

අපගේ ජයග්‍රහණ මෙන්ම දශක ගණනාවක් පුරා අභියෝග රැසක් මැද කාලීන සහ නව්‍ය විසඳුම් ගෙනඒම සඳහා පෙන්නුම් කළ අඛණ්ඩ ප්‍රයත්නය පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වෙමු. ඒ වෙනුවෙන් අපගේ වටිනා පාරිභෝගිකයන් හවුල්කරුවන් සේවකයන් ඇතුළු සෑම දෙනාටම ස්තූතිවන්ත වෙමි යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් A. Baur & Co පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment