බසයක් එන තෙක් මගබලා සිටි දැරිය අපයෝජනය කළ රෝහල් සේවකයා දැලේ

604

බසයක් එන තෙක් මගබලා සිටි වයස අවුරුදු 15ක දැරියක් යතුරුපැදියේ රැගෙනගොස් බරපතළ අපයෝජනය කළැයි කියන කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් කණිෂ්ඨ සේවකයකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසියට හැකිව තිබිණි.

 එසේ තමන් යතුරුපැදියේ නංවාගෙන ගොස් ප‍්‍රධාන මාර්ගය මගහැර අතුරු මාර්ග ඔස්සේ රැුගෙන ගොස් කිහිපවරක් අපයෝජනයට උත්සාහ කළ බවත් පාසල අසල අතුරු මාර්ගයේ ගසක් යටට බලහත්කාරයෙන් රැුගෙන ගොස් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ බවත් දැරිය විසින් සිය මවට පවසා තිබේ. එහිදී මව හා දැරිය පැමිණ කුලියාපිටිය පොලිසියට පැමිණිළි කර තිබිණි.

 වින්ධිත දැරිය එදිනම සිය ලොකුඅම්මා ගේ සුවදුක් විමසීමට ගොස් යළිත් සිය නිවසට පැමිණීමට බසයක් පැමිණෙන තුරු සිටියදී සැකකරු විසින් තමන් සේවයට යන බව පවසා යතුරුපැදියේ නංවාගෙන පැමිණ තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබිණි.

 සැකකරුද වින්ධිත දැරිය පුද්ගලිකව දන්නා හ`දුනන අයෙකු නිසා එසේ යතුරුපැදියට ගොඩ වූ බවද දැරිය පොලිසියට ස`දහන් කර තිබූ අතර වැවගම මාර්ගයේ බසයක් පැමිණෙන තෙක් තමන් පැය කිහිපයක් මාර්ගයේ රැු`දීසිටි බවද පවසා තිබිණි.

 සැකකරු සම්බන්ධව පොලිසියට පැමිණිල්ල ලැබීමත් සමගම වහා ක‍්‍රියාත්මක වූ පොලිස් අපරාධ විමර්ශන එ්කකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතා සැකකරු ශික්‍ෂණ රෝහලේ සේවය කරමින් සිටියදීම රෝහල් බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණ.

 දැරිය රෝහල්ගත කිරීමටද පොලිසිය එහිදී කටයුතු කර තිබූ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

 කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන එ්කකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ධනංජනී බස්නායක, උප පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමරත්න, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ අනුරාධා (9172* උමේෂි (10456* යන මහත්ම මහත්මීහු අදාළ පරීක්‍ෂණ මෙහෙයවති.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment