බසයක් පෙරළී 06කට තුවාල

113

අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම නිසා රියදුරුට බසය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.ඊයේ රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණේ, මින්නේරිය පොලිස් වසමේ බටුඔය ප්‍රදේශයේදීය. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇත. ඉන් තුවාල ලැබූ මගීන් 06 දෙනෙකු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරුකර යවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment