බසයක් සහ ටිපර් රථයක් ගැටී 27ක් තුවාලයි

163

මූතූර් ,පට්ටිතීල් මංසන්ධියේ අද (10) පෙරවරු 10 ට පමණ බස්රථයක් හා ටිපර් රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 27 දෙනෙකු තුවාල ලබා මූතූර් මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මූතූර් පොලිසිය කියයි.
අම්පාර සිට උදය කාලයේ පිටත්වූ පෞද්ගලික බස් රථයක් හා මූතූර් පිට මඩකලපුව දක්වා ගමන්ගත් ටිපර් රථයක් මෙලෙස හැපී ඇති අතර සිද්ධියෙන් තුවාල ලබා ඇති පුද්ගලයින් 27 දෙනාගෙන් තිදෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 24 දෙනාම පිරිමි පුද්ගලයින් ය.

advertistmentadvertistment
advertistmentadvertistment