බස්නාහිරට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක්

129

කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශි‍්‍රතව ඊයේ (31 දා) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

ඒ අනුව බිමතින් රිය පදවන්නන්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරන රියැදුරන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය කි‍්‍රයා කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්¥ව මහතා ‘දිවයින’ට ඊයේ (31දා* ප‍්‍රකාශ කළේය.

එසේම මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයින් සෙවීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් ද කොළඹ නගරය ආශි‍්‍රතව බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමට ද පොලිසිය පියවර ගෙන ඇත.

ගාලූමුවදොර ප‍්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස් කර ඇති බවත් රාති‍්‍රය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා යොදවනු ලැබ ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ආරක්ෂාවේ තවත් පියවරක් ලෙස ස්ථිර සහ විටින් විට විශේෂ මාර්ග බාධක යෙදවීමට ද කටයුතු කරන බව ද කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment