බස්නාහිර බස් බාගෙට බාගයක් නවතී

224

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ (18දා) දිනයේ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ ධාවනය වී ඇත්තේ 2823ක් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පවසයි. පළාතේ ඇති මුළු පෞද්ගලික බස් රථ ගණන 6200කි.

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ පෞද්ගලික බස් රථ 1208ක්ද, ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ පෞද්ගලික බස් රථ 1008ක්ද, කළුතර දිස්ති‍්‍රක්කයේ බස්රථ 607ක්ද, ඊයේ දිනයේ ධාවනය වී ඇත.

මීට අමතරව පළාතේ පාසල් දරු දැරියන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ 64ක් ධාවනය වී ඇත.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment