බස්නාහිර මුලට එයි

233

ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වය ලබාදෙන අංශය බවට 2021 වසරේදීද බස්නාහිර පළාත පත් වෙමින් එම පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට 42.6 ක් වාර්තා කර ඇත.

මහ බැංකුව නිකුත් කළ නවතම පළාත් දළ දේශීය නිෂ්පාදිත දත්ත අනුව මේ බව අනාවරණය වන අතර දළ දේශීය නිෂ්පාදිතයට වයඹ පළාතේ දායකත්වය සියයට 11.1 ක් සහ මධ්‍යම පළාතේ දායකත්වය සියයට 10.1 ක් බවට පත්වෙමින් එම පළාත් දෙක ජාතික නිෂ්පාදිතයට වැඩිම දායකත්වය සපයන දෙවන සහ තෙවන පළාත් දෙක බවටද පත්ව ඇත.

2020 වසරේ සියයට 42.2 ක් වූ බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය 2021 වසරේදී සියයට 42.6 ක් දක්වා වර්ධනය වීමද සිදුව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment