බස්නාහිර රෝහල් අඩපණයි – සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝගීහු අසරණ වෙති

227

ඉල්ලීම් 08කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාතේ රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් ඊයේ (26දා) ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු පළාතේ රජයේ රෝහල්වල සිදු කෙරෙන හෙද සත්කාරක සේවා, රුධිර, මුත‍්‍රා පරීක්ෂණ ඇතුළු රසායනාගාර සේවා, පී.සී.ආර්. හා රැුපිඞ් ඇන්ටිජන් කොරෝනා පරීක්ෂණ, රෝහල් බාහිර රෝගී අංශවල බෙහෙත් නිකුත්කිරීම, විකිරණ පරීක්ෂණ හා ඩෙංගු මර්දන කටයුතු ඇනහිට පැවති බව වාර්තා වේ.

බස්නාහිර රෝහල් අඩපණයි - සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝගීහු අසරණ වෙති

මෙම වර්ජනය හේතුවෙන් රෝහල් බාහිර රෝගී අංශ මෙන්ම නේවාසික රෝගීන්ද අපහසුතාවට ලක්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

පාසල් ළමුන් සඳහා මාස්ක් ඇතුළු සෞඛ්‍ය පහසුකම් නොමිලයේ සැපයීම, වැඩි වෙමින් පවතින බෙහෙත් මිල පහත හෙළීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබූ රනුග්ගේ වැටුප් කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කිරීම, රුපියල් 3000ක් වන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශේෂ රාජකාරි දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 08ක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කර තිබුණි. වර්ජනය අද (27දා* උදෑසන 7ට අවසන් වීමට නියමිතය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment