බස්නාහිර වාහනවලට ආදායම් බලපත්‍ර දෙන්න දින තුනක්

226

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේසුන්දර මහත්මිය පැවැසුවාය.
ඒ අනුව හෙට (4 වැනිදා) සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් එලෙස ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ. 2022 ජුනි මස 29 වැනි දා සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර 2022 ජූලි මස 29 වැනිදා දක්වා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත. එමෙන්ම බස්නාහිර පළාතේ පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන අඅඅගපදඑදරඑර්සෛජගඅචගටදඩගකන යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා
ගැනීමට හැකිය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment