බස්නාහිර වාහන ආදායම් බලපත් නිකුත් කරන හැටි

173


බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේසුන්දර මහත්මිය පැවැසුවාය.
ඒ අනුව ලබන සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් එලෙස ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබයි.
2022 ජුනි මස 29වන දින සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර 2022 ජූලි මස 29වන දින දක්වා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment