බස්නාහිර 12ත් 19 අතර දරුවන්ට එන්නත අද සිට

86

සංකූලතා සහිත සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවනට කොරෝනා මර්දන ෆයසිර් එන්නත ලබා දීම අද (27) සිට බස්නාහිර පළාතේ සියලූ රෝහල්වල කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබේ

නිධන්ගත රෝග ඇති අබාධ සහිත වයස අවුරුදු 12 ත් 19 අතර දරුවන්ට මේ අනුව රෝහල් වෙත යොමු කිරීමෙන් එන්නත් ලබා ගැනීමට හැකි වනු ඇත.
බස්නාහිරෙ පළාත තුළ ඇති මහ රෝහල්, ශික්‍ෂණ රෝහල්, දිස්ති‍්‍රක්රෝහල් සහ මූලික රෝහල්වලදී දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වේ.

මෙරට සෙසු පළෘත් තුළද කඩිනමින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර එහෙයින් බස්නාහිර පළාතෙන් පිටත දරුවන් එන්නත්ලබා ගැනීම ස`දහා බස්නාහිර පළාතේ රෝහල් වෙත රැුගෙන ඒමෙන් වලකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment