බස්වල හිටගෙන යන මගීන්ට වෙනම ගාස්තුවක් – දිලුම් කියයි

350

බස් රථවල වාඩි නොවී ගමන් ගන්නා මගීන්ගෙන් අඩු මුදලක් අය කිරීම සඳහා වන නව බස් ගාස්තු ක‍්‍රමයක් අලූතින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පැවසීය.

කොවිඞ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේදී සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදී ඇතැම් බස් රථවල ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් ප‍්‍රවාහනය කරන බවද ඒ මහතා කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදීත් දිගින් දිගටම ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් රැුගෙන යෑම වැළැක්වීමට විවිධ පියවර ගත් නමුත් තාමත් එය නතර කිරීමට නොහැකි වී තිබෙන බවත් මේ නිසා හිටගෙන යන මගීන්ගෙන් සංශෝධනයට පෙර පැවැති ගාස්තු යටතේ මුදල් අය කිරීමට හැකි ලෙස නව ගාස්තු ක‍්‍රමයක් හඳුන්වා දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

ආසන ගත නීති උල්ලංඝනය කරන සියලූම බස්රථ අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් ඒ අනුව බොහෝ ප‍්‍රදේශවල නීතිය ක‍්‍රියාත්මක වී තිබුණු බවත් අමුණුගම මහතා පැවසීය.

නමුත් ග‍්‍රාමීය මාර්ගවල මෙම නීතිය තද බල ලෙස උල්ලංඝනය කරන බවත් මෙය තව දුරටත් අඛණ්ඩව පැවතුන හොත් ලබන සතියේදී අදාළ ගාස්තු සංශෝධනය ගෙන එන බවත් ඒ මහතා කීය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment