බස් ගාස්තුව මෙන් භාගයක් දුම්රිය ගාස්තු අය කිරීමේ සැලසුමක් – ඇමැති බන්දුල ගුණවර්ධන

145

දුම්රිය ගාස්තු වැඩි කිරීම වෙනුවට බස් ගාස්තුවට සාපේක්ෂව සියයට පණහක පමණ මුදලකට ගාස්තු අය කිරීමට දුම්රිය සඳහා ජාතික ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පසුගිය කාලයේදී ක්‍රියාත්මක කරන ලද හදිසි වැඩ වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය. එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

කලින් ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර මිල වැඩි කළා. ඩීසල් ඉතා විශාල ගණනකින් වැඩි කිරීම නිසා දුම්රියට අතිවිශාල මුදලක් වැය වෙනවා. කොළඹ සිට යාපනය දක්වා නව දුම්රියක් ධාවනය කරන්න සැලසුම් කළා. නමුත් ඊට ඉන්ධන සඳහා රුපියල් ලක්ෂ 13ක් පමණ වැය වෙන බව පෙනී ගියා. අපට මගීන්ගෙන් ලැබෙන ආදායම රුපියල් ලක්ෂ 10යි. ලක්ෂ 03ක් අපට අලාභයි. දුම්රිය ගාස්තුව වැඩි කරනවා වෙනුවට බස් රථයේ

ගාස්තුව වගේ හරි අඩකට මිල නියම කරමින් නව පොදු ප්‍රතිපත්තියක් හදා ගත්තොත් හොඳයි. ඒකට සාකච්ඡාවක් අවශ්‍යයි. නැත්නම් වැඩිපුර දුම්රිය ධාවනය කරන්න වෙන එකක් නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment