බස් ගාස්තුව 2% කින් අඩු වේවි – ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්

90

ඉන්ධන මිල පහළදැමීම හේතුවෙන් බස් ගාස්තුව සියයට 02 කට ආසන්න ප්‍රමාණයකින් පහළ යනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පවසයි.

ඒ අනුව ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව අඩුකිරීමට මේ වනවිට නිර්දේශ සකසමින් සිටින අතර ඒ පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කරන බවද ඒ මහතා පැවැසීය.

මේ අතර බස් ගාස්තුව අඩු කළ යුතු බවත් ඒ සඳහා නිර්දේශ ලැබෙන තුරු බලාසිටින බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවැසීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment