බස් ගාස්තු උස්සන තීරණය මේ සතියේ

113

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව සංශෝධනය කරන නව බස් ගාස්තු මේ සතියේ සිට ක‍්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ගමනාගමන කොමිසමේ ඉහළ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකත් තුනත් අතර මුදලකින් ඉහළ යනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

මෙම නව බස් ගාස්තු සංශෝධනය ලබන බදාදා (29 දා) වනවිට ක‍්‍රියාත්මක කළ හැකි බවත් ඊට පෙර පෞද්ගලික බස් සංගම් සමග අනිද්දා (28 දා) ප‍්‍රවාහන අමාත්‍යාංශයේදී සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment