බස් ගාස්තු නගී – 17.44‍%‍ කින් – අවම ගාස්තුව රුපියල් 17 යි

368

ලබන ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තුව ප‍්‍රතිශතයක් ලෙස සියයට 17.44 කින් ඉහළ යන අතර අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩි කිරීමට තීරණය කළ බව බස්රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.

ඉන්ධන ගාස්තු ඉහළ යෑම මත මෙලෙස පෞද්ගලික මෙන්ම ලංගම බස් ගාස්තුව ද ඉහළ දැමීමට ඊයේ (29 දා* සවස 06 ට බස් සංගම්, ප‍්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් අතර පැවති විශේෂ සාකච්ඡුාවකදී තීරණය කරන ලදී.

කෙසේ වෙතත් දුම්රිය ගාස්තු වැඩි කිරීමක් සිදුවී නැත.

බස් ගාස්තුව ඉහළ දැමීම, ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප‍්‍රතිපත්තියට අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගණනය කරනු ලැබිණ.

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික බස් සංගම් ගාස්තු වැඩි කිරීමක් හෝ ඞීසල් සහනාධාරයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි අතර එම ඉල්ලීම් සලකා මගීන්ට මෙන්ම බස්රථ හිමිකරුවන්ට ද සාධාරණයක් වන ලෙස ගාස්තු සංශෝධනය කළ බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

පෞද්ගලික බස් සංගම් සියයට 20 කින්ද අවම ගාස්තුව රුපියල් 18 දක්වාද වැඩි කරන ලෙස ද ඉල්ලා සිටියේය. මීට සමගාමීව අධිවේගී මාර්ගවල බස් ගාස්තුව ඉහළ දැමේ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment