බස් ගාස්තු බස්සන සාකච්ඡා අසාර්ථකයි

53

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර ඊයේ (09දා) පැවති සාකච්ඡා අසාර්ථක වී ඇත.

එහිදී ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බවට බස් හිමියන් විසින් හේතු කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර තවත් රුපියල් 30 කින් වත් ඩීසල් මිල අඩු කෙරෙන්නේ නම් බස් ගාස්තුව අඩු කළ හැකි බව බස් සංගම් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඩීසල් මිල රුපියල් 10කින් අඩු කළ බැවින් යම් කිසි මුදලකින් හෝ බස් ගාස්තුව අඩු කරන්නැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සංගම්වලින් ඉල්ලා ඇති අතර තමන් ඊට කැමැත්ත පළ නොකළ බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ‘දිවයින’ට පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment