බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රවාහන අමත්‍යාංශයේ අනුමැතිය

79

බස් ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීමට අදාළ නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත්, ඒ සඳහා අනුමැතිය ලැබුණු බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘දිවයින’ට ඊයේ (29 වැනිදා) පැවසීය.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අද (30 වැනිදා) දිනයේ එළිදක්වන බව ද හෙතෙම කීය.

අවම බස් ගාස්තුව හා අනෙකුත් ගාස්තු සියයට කීයකින් ඉහළ නංවා ඇත්ද යන්න විමසීමේදී ඒ ගැන පැවසිය නොහැකි බවත් නිශ්චිතවම එය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment