බස් ගාස්තු සියයට  දෙකකින් බස්සයි – අවම ගාස්තුව රු. 38යි

132

ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තුව සියයට 2.23 කින් අඩු කර තිබෙන අතර ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි. අඩු කළ බස් ගාස්තු ඊයේ (19දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර පෞද්ගලික, ලංගම මෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලු මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු මෙහිදී අඩු කර ඇත.

අවම බස් ගාස්තුව රුපියල් 40 සිට 38 දක්වා අඩු වුවද එම අඩුවූ රුපියල් දෙක කොන්දොස්තරවරුන්ගෙන් ලබා ගැනීම ඉතා අසීරු වනු ඇතැයි බස් මගීහු කියා සිටිති.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment