බස් ගාස්තු හෙට සිට ඉහළට

451

ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු හෙට (05දා) සිට ඉහළ යයි.

ඒ අනුව දැනට රුපියල් 14 ක් වන අවම බස් ගාස්තුව රු. 17 දක්වා ඉහළ යන අතර සමස්ත බස් ගාස්තුව සියයට 17.44 % කින් වැඩි වන බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පවසයි.

ඉන්ධන මිල මෙන්ම බස්රථ අමතර කොටස් මිල ගණන්ද ඉහළ යෑම නිසා පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියෝ පසුගියදා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා හමුවී සාකච්ඡුා පැවැත්වූහ. ඉන් පසුව බස් ගාස්තු ඉහළ දැමීමේ ක‍්‍රමවේදය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබීය.

මේ අනුව හෙට සිට බස් ගාස්තුව ඉහළ යන අතර අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවලද ගාස්තුව මීට සාපේක්ෂව ඉහළ දමා ඇත. එහෙත් මේ දක්වා දුම්රිය ගාස්තු ඉහළ නංවා නැත.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment