බස් ගාස්තු 11.14%කින් පහළට අවම ගාස්තුව රු.34 වෙයි

84

ඩීසල් මිල ගණන් අඩුවීම මත බස් ගාස්තුව ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 11.14කින් අඩු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා කියා සිටියි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු කෙරෙන බව ද හෙතෙම සඳහන් කරයි. කොවිඩ් වසංගතය සමයේ වැඩි කරන ලද බස් ගාස්තු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් අදාළ අඩු කිරීම් කළ බව ද හෙතෙම කීවේය.

මෙම අඩු කිරීම පෞද්ගලික සහ ලංගම යන සාමාන්‍ය සේවාවන්ට අදාළ වන අතර අධිවේගී මාර්ගයන්හි ධාවනය කෙරෙන මගී ප්‍රවාහන බස් රථ සඳහා අදාළ නොවේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment