බස් ජනසතුවට වසර 65 යි

170

ශ්‍රී ලංකාවේ සියලුම මගී සේවාවන්ට අයත් සියලු බස් රථ ජනතා සන්තක කිරීමේ ඓතිහාසික සිදුවීම ඊයේ (01 දා) ට වසර 65 ක් සම්පූර්ණ විය.

1956 මහා මැතිවරණයේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ජනතාවට දුන් ප්‍රතිඥාවක් ඉටුකරමින් බස් සේවය ජනසතු කිරීම සිදුවූයේ 1958 ජනවාරි 1 වැනිදාය. ඊට පෙර දින දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රි 12.00 එලෙස සියලු බස් රථ ජනසතු කෙරිණි. එම සිදුවීම ජනතාව සැමරුවේ බස් නැවතුම් පළවල, කඩපිල්වල, ගම් හා නගරවල වීදිබැස කිරිබත් කමිනි. ඊට අදාළ ප්‍රධාන නිල උත්සවය කොළඹ ගාලුමුවදොරදී පැවැත්විණි. ඊට පෙර එදිනම තම පැරණිතම ඡන්ද කොට්ඨාසයට අයත් වේයන්ගොඩ නගරයේ පැවති නිල නොවන බස් ජනසතු උත්සවයකටද අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහභාගි විය. එවක ප්‍රවාහන ඇමැතිවරයාව සිටියේ මෛත්‍රිපාල සේනානායක මහතාය. 1957 දෙසැම්බර් 31 දා වූ එම සංසිද්ධියෙන් බස් රථ 3,300 ක් සේවකයන් 1200 ක් ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලනයට යටත් කෙරිණි. බස් සේවය ජනසතු කෙරෙන ආඥාපනත බස් හිමියන් ඉදිරියේ ගමනාගමන මණ්ඩල නිලධාරීන් විසින් කියවනු ලැබිණි.

ශ්‍රී ලංගමට අයත් වූ ජනසතු කෙරුණු මංගල බස් රථය (නිට්ටඹුව ඩිපෝව යටතට ගැනුණු) 22 ශ්‍රී 1087 බෙන්ස් වර්ගයේ බසයද මේ සමග දැක්වේ. අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මංගල ජනසතු බස් රියේ නැගී ගාලුමුවදොරට ගමන් කළ අවස්ථාවද මෙහි දැක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment