බස් ටිපර් අනතුරකින් කාන්තාවක් මරුට

269


කුරුණෑගල කොළඹ මාර්ගයේ රත්මල්ගොඩ ප්‍රදේශයේදී මගී බස් රථයක් අද උදෑසන අනතුරකට ලක්වීමෙන් එක් අයෙක් මිය ගොස් දස දෙනෙක් මියගොස් ඇත.

ටිපර් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මුලතිව් සිට මහරගම දක්වා ධාවනය වූවකි.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක පදවිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 4 දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment