බස් නැවතුම්වල ජීවත් වූ මාපිය යුවළට සහ  කුඩා දැරියන් දෙදෙනාට නිවසක් සමග ඉඩමක්

868

කුඩා දැරියන් දෙදෙනකු සමගින් නගරයෙන් නගරයට ගොස් බස් නැවතුම්වල ජීවත් වූ මාපිය යුවළකට ඉඩමක් සහ නිවසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා කටයුතු සූදානම් කර තිබේ.

 ඒ මහතා මෙලෙස ඉඩමක් සහ නිවසක් ලබාදීමට කටයුතු කරන ලද්දේ එප්පාවල ප‍්‍රදේශයේ බස් නැවතුමක ජීවත් වන පවුලක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසුවය.

 මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසු වහාම ක‍්‍රියාත්මක වූ දුමින්ද සිල්වා මහතා අනුරාධපුර දිස්ත‍්‍රික් කළමනාකරුට කතාකර මේ බව පැවසීමෙන් පසු ඊට අදාළ කටයුතු මේ වනවිට සූදානම් වෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment