බස් නෑ : ළමයින් 13ක්  පාසල් ගිය ලොරිය කඩා වැටේ

82

දරුවෝ තිදෙනෙක් තවමත් රෝහලේ… ළමයින් 30ක් ලොරියේ සිටියා
– ගම්වාසීහු කියති

බස්රථ නොමැති නිසා කුඩා ලොරි රථයක නැගී පාසල් යමින් සිටි දරු පිරිසක් රැගත් ලොරි රථයක තට්ටුව කඩාවැටී එහි ගමන්ගත් දරුවන් කිහිපදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (01 වැනිදා) පෙරවරු 7.00 ට පමණ මේ අනතුර සිදුව ඇත්තේ කහටගස්දිගිලිය, කැකිරාව පාරේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදීය.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ පාසල් දරුවන් දහතුන්දෙනකු ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ අවස්ථාවේ ළමයින් තිස්දෙනකු පමණ ලොරියට ගොඩවී සිටි බවය.

තුවාල ලැබූ දරුවන්ගෙන් තිදෙනකු රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව අනුරාධපුර ශික්‍ෂණ රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

පාසල් යෑමට බසයක් නොමැතිව මහ මග රැඳී සිටි දරු පිරිස පිළිබඳ අනුකම්පා සිතී ලොරි රථ රියැදුරා සද්භාවයෙන් දරු පිරිස ලොරි රථයට නංවාගෙන ඇත. එහිදී හදිසියේම ලොරි රථයේ තට්ටුව කඩාවැටී දරු පිරිස අනතුරට ලක්ව ඇත.

මෙම දරු පිරිස ගලෙන්බිඳුණුවැව 21 ජනපදයේ පදිංචි දරු පිරිසකි. ඔවුන් ගලෙන්බිඳුණුවැව තක්‍ෂිලා විiාලයේ ඉගෙනුම ලබන දරු පිරිසකැයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසීය.

සිද්ධිය සැලවූ සැනින් ක්‍රියාත්මක වූ ගලෙන්බිඳුණුවැව වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හේරත් මහතාගේ උපදෙස් මත රථවාහන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක හේරත් මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ ආරම්භ කළහ.

ශිරාන් රණසිංහ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment