බස් මගීන්ටත් පෙරගෙවුම් කාඩ්පතක් .

108

බස් රථ මගීන්ට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මුදල් ගෙවීම වෙනුවට පෙරගෙවුම් කාඩ්පතක් හරහා මුදල් ගෙවා ගමන් කිරීමේ පහසුකම් ලබා දීමේ ක්‍රමයක් ආරම්භ කෙරේ .මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා ගමන් කරන මගී ප්‍රවාහන බස්රථවල නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
සාමාන්‍ය ඩෙබිට් කාඩ්පතක් ලෙස ම ක්‍රියා කරන මෙම කාඩ්පත පෙර ගෙවීම් ක්‍රමයට අවශ්‍ය මුදල් තැන්පත් කර එමගින් ගමනට අදාළ මුදල් ගෙවීමේ හැකියාව මගීන්ට හිමි වේ. දැනට මෙම කාඩ්පත මහජන බැංකුව හරහා ලබා ගැනීමේ හැකියාව තිබේ.

Ctb

advertistmentadvertistment
advertistmentadvertistment