බස් රථයේ මුහුණට මුහුණ ගැටුණු ත‍්‍රිරෝද රථය සුනුවිසුනු වී කැබලි වෙයි – තිදෙනෙක් මාර්ගයේ මැද ඒමේ අත වැටෙති

187

බණ්ඩාරගම වැල්මිල්ල, නරිකන්ද පාමුලදී 10දා ලංගම බස් රථයක් සහ ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

බස් රථයේ  මුහුණට මුහුණ ගැටුණු ත‍්‍රිරෝද  රථය සුනුවිසුනු වී කැබලි වෙයි - තිදෙනෙක් මාර්ගයේ මැද ඒමේ අත වැටෙති

තුවාල ලබා ඇත්තේ ත‍්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකි. ති‍්‍රරෝද රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ගමන් කිරීමේදී එකවරම නරිකන්ද පාමුලදී වෙනත් වාහනයකට ඉස්සර කිරීම සඳහා උත්සාහ කිරීමත් සමගම ප‍්‍රතිවිරුද්ධ දෙසින් බස් රථය පැමිණෙන දැක තිරිංග තද කිරීමේදී ති‍්‍රරෝද රථය පෙරළී බස් රථයේ දකුණු පස පිටුපසට වන්නට බඳ කොටසේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි. සිදු වූ අනතුර සමඟ ත‍්‍රිරෝද රථය සුනුවිසුනු වී කැබලි බවට පත්ව ඇති අතර එහි සිටි පුද්ගලයන් මාර්ගයේ මැද ඒමේ අත වැටී බව පොලිසිය කියයි. අනතුරුව සුවසැරිය ගිලන් රථයෙන් තුවාලලැබූවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. ත‍්‍රීරෝද රථ රියදුරුගේ

අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට ආසන්නම හේතුව බව විමර්ශනවලදී අනාවරණයවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අනතුර සිදුවන අයුරු අසල සීසීටිවී කැමරාවක සටහන් වී ඇත. බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment