බස් රථය පල්ලමට වැටී 27ක් තුවාලයි

417

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය දෙසට එද්දි ත්‍රිරෝද රථය බසයේ ගැටිම වැලක්විමට බස් රියදුරු උත්සාහ ගෙන ඇති අවස්ථාවේදී මාර්ගයේ පස් ලිහිල්ව බසය අඩි කිපයක පල්ලමකට මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කහවත්ත මූලික රෝහලට තුවාලකරුවන් ව්සි දෙනෙකු ද රත්නපුර ශික්ෂණ රෝහලට හත් දෙනෙකු ද ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment