බස් සේවකයන් නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ මොන වැඩවර්ජනද? – ගැමුණු අසයි

114

“අද සිදුකරන වැඩ වර්ජනවලට අපේ කිසි සහයෝගක් නැහැ. පුරුදු පරිදි අද බස් වැඩ කරනවා. බස්රථ සේවකයන් නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ මොන වැඩවර්ජන ද?” යැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

කොවිඩ් සමයේ මුදල් අච්චු ගසමින් රජයේ සේවකයන්ට සම්පූර්ණ වැටුප ගෙවූ නමුත් බස්රථ සේවකයන් අන්ත අසරණව සිටි බව පැවසූ හෙතෙම රජයේ වෘත්තීය සමිති අද (1 දා) වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළත් තමන් කිසිසේත් මගී ජනතාව අපහසුතාවට පත් නොකරන බවද කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතාකළ ගැමුණු විජේරත්න මහතා මෙසේ ද කියා සිටියේය.

මේ වැඩවර්ජන කරන අයට කොවිඩ් කාලයේ ආණ්ඩුව සල්ලි අච්චු ගසමින් මුළු පඩියම ගෙව්වා. අපේ බස්රථ සේවකයෝ අන්ත අසරණ වුණා. බස් 2000 ක් විතර ඇරියස් වෙලා. තවත් 1000 ක් විතර ලීසිං සමාගම්වලින් ඉස්සුවා. වෙන රටවල්වල රජයේ සේවකයන්ට මාසෙ පඩියෙන් භාගයයි ගෙව්වේ. මේ හැම සැප පහසුකමක්ම අරගෙන තව වැඩවර්ජනත් කරනවා. මේවා කළා කියලා අපිට මොනවද ලැබෙන්නේ. ඒ හින්දා අද අපි වැඩ කරනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment