බස් සේවකයෝ එළි වෙනකම්ම තෙල් පෝලිම්වල:

116

පෞද්ගලික බස් ධාවනය අද භාගෙටත් වඩා අඩුවෙයි – ගැමුණු කියයි

ඉන්ධන නොමැතිකම හේතුවෙන් අද (18දා) දිනයේ ද පෞද්ගලික බස්රථ ධාවනයේ විශාල අඩුවක් වනු ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

පසුගිය දිනවල පෞද්ගලික බස්රථ ධාවනය වූයේ සියයට 50ක ප‍්‍රමාණයක් බවත් එය අද දිනයේ ඊටත් වඩා අඩුවනු ඇති බවත් හෙතෙම කීය.

තවදුරටත් කතාකළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කියා සිටියේය.

ඉන්ධන නොමැතිකම පෞද්ගලික බස්රථ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වෙලා. මේ වෙනකොට අපේ බොහෝ බස්රථ සේවකයන් පිරවුම්හල් ළ`ග තෙල් පෝලිම් වල. ?ටත් පෝලිමේ. සමහර වෙලාවට එළිවෙන යාමයේ ඉන්ධන ටික ගහගෙන ගිහින් පොඩි නින්දක් දාලා ආයේ රැුකියාව කරනවා. නිදිමරගාතේ තමයි බස් එළවන්නේ. මේ තත්ත්වය තුළ බස්රථ අනතුරුවලට මුහුණ පාන්න පුළුවන්. ලංගමයේ ෂෙඞ්වලත් ඉන්ධන නැහැ කියලා ආරංචියි. ආණ්ඩුව ඉන්ධන අර්බුදය විසඳන්න කඩිනමින් ක‍්‍රියාකරන්න ඕනෑ. මේ ප‍්‍රශ්නය ඔඩු දිව්වොත් සමහර විට ලබන සඳුදා ඉඳලා බස්ටික මුළුමනින්ම නතර වේවි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment