බස් 80%ක් දුවන්නේ භූමිතෙල්වලින් – එක්සත් සහයෝගිතා පෙරමුණ චෝදනා කරයි

166

මේ රටේ පෞද්ගලික බස් රථ සියයට අසූවක්ම ධාවනය කරනුයේ භූමි තෙල්වලින් බවත්, මේ නිසා මගී ජීවිත අවදානමේ බවත් එක්සත් සහයෝගිතා පෙරමුණේ නායක ලකී කරුණාතිලක මහතා ඊයේ (14දා) පැවැසීය.

මේ නිසා සියලු පෞද්ගලික බස් රථ පරීක්ෂාවට ලක් කළ යුතු බවද හෙතෙම කීය. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය. “අද ප්‍රයිවට් බස් වැඩි ප්‍රමාණයක් දුවන්නේ භූමිතෙල්වලින්. මේ ගැන ඇතැම් බස් රථ හිමිකරුවන් පවා දැනුවත්. මේක මගී ජීවිත අවදානමේ හෙළීමක්. මේ ගැන ප්‍රවාහන බලධාරීන් හොයා බලන්නෙ නැත්නම් පොලිසිය හරි මැදිහත් වෙන්න ඕනෑ. භූමිතෙල් ගහගෙන ධාවනය කරන බස් රථවලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment