බහලූම් ප‍්‍රවාහන ගාස්තු සියයට 15 කින් නගී

147

ඉන්ධන මිල ඉහළයෑම නිසා බහලූම් ප‍්‍රවාහනයේදී සියයට 15 ක වැඩිවීමක් ජූලි 01 වැනිදා සිට අයකරන බව බහලූම් ප‍්‍රවාහන සංගමයේ සභාපති රොෂාන් මැණික්වඩුගේ මහතා ඊයේ (15 දා* පැවසීය.
 
 ඉන්ධන මිල වැඩිවීම නිසා බෙහෙත් පෙත්තේ සිට සියලූම භාණ්ඩවල මිල ඉහළ යන බවත් එයින් ප‍්‍රවාහන කර්මාන්තයට සිදුවන බලපෑම අවම කරගැනීම සඳහා ප‍්‍රවාහන ගාස්තු ඉහළ දැමීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත් ඔහු කීය.
 
 වරාය අධිකාරියේ වැඩ අඛණ්ඩව පවත්වා ගෙන යෑමට බහලූම් ප‍්‍රවාහනය අනිවාර්ය බව පැවසූ මැණික්වඩුගේ මහතා ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ අනිවාර්යයෙන් බහලූම් ප‍්‍රවාහන ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන බවද කීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment