බහාලුම් ප්‍රවාහන ගාස්තුත් නගී – සංස්ථාවෙත් තෙල් නෑ – ඊයේ ගියේ බවුසර් 50ටත් අඩුවෙන්

127

ටැංකි රථ හිමියන්ගේ  සම්මේලනයේ සම ලේකම්

තෙල් සංස්ථාවේ ඉන්ධන හිඟවීම නිසා ඊයේ (27 දා) ධාවනය වූයේ ඉන්ධන බවුසර් 50කටත් අඩුවෙන් යැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සම්මේලනයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

එම ඉන්ධන බෙදාහැරීමද පොදු ප්‍රවාහන, විදුලිබල හා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කළ බව ද ඒ මහතා කීය. පෙරේදා (26 දා) කොළොන්නාවෙන් හෝ මුතුරාජවෙල පර්යන්තයෙන් කිසිදු බවුසරයක් ඉන්ධන රැගෙන නොගිය බව ද ඒ මහතා කීය.

තෙල් සංස්ථාව සතුව බෙදාහැරීමට තරම් තෙල් සංචිත නොමැතිවීම නිසා සිපෙට්කෝ පිරවුම්හල් අසල ජනතාව පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල් කිහිපයකට ඉන්ධන ලබාදීමට එම සමාගම කටයුතු කර තිබුණත් එයද ඉතා සීමිත බවද ශාන්ත මහතා කීය.

ඉන්ධන නැව් එන දිනයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවට විෂය භාර ඇමැති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇති නිසා අමාත්‍යාංශය දන්වන තුරු පෝලිම්වලට නොයන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඉන්ධන මිල ඉහළ යෑම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු ද සියයට 10 කින් අද (28 දා) සිට ඉහළ දමන බව බහලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පැවසීය.

චමින්ද සිල්වා සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment