බහාලුම් ප‍්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

115

ආනයන අපනයන බහාලූම් (කන්ටේනර් රථ) ප‍්‍රවාහන ගාස්තු සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ත ලංකා ප‍්‍රවාහන රථ සංගමය තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙලෙස ප‍්‍රවාහන ගාස්තු ඉහළ දැමුවේ වසර හයකට පසුව යැයි ද එම සංගමය කියා සිටී. මෙතෙක් කලක් ආනයනකරුවන් මෙරටට ගෙන එන භාණ්ඩවල මිල ගණන් ඉහළ දමා ඔවුන්ගේ පාඩුව පියවා ගත්තත් ප‍්‍රවාහන රථ (කන්ටේනර්) ගාස්තු ඉහළ නැංවූයේ නැතැයි ද සංගමය සඳහන් කරයි. කෙසේ වෙතත් තම ප‍්‍රවාහන ගාස්තුව සියයට විස්සකින් ඉහළ දැමීම භාණ්ඩවල මිලට බලපාන බව ද එම සංගමයේ සාමාජිකයෝ ‘දිවයින’ට පැවසූහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment