බහින්බස්වීම දුරදිග ගොස්  උදලු පහර කෑ – මාමා සහ ඥාති පුතා මරුට

314

සැකකාර බෑනා අත්අඩංගුවට

ඊයේ (21 දා) රාත්‍රී 7.30 පමණ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑම නිසා තම බිරිඳගේ පියාට සහ සොයුරෙකුට උදෑල්ලකින් කළ පහරදීමකින් ඝාතනයට ලක්වීමේ පුවතක් ගල්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් අංක 53, යාය 5, රබෝට්ටුකුලම ග්‍රාමයෙන් වාර්තා වෙයි.

මෙසේ මියගොස් ඇත්තේ යාය 05, රජ බොට්ටුකුලම පදිංචි හැත්තෑ හැවිරිදි රන්කොත් පේඩි දුරයලාගේ කරුණාරත්න සහ දහ අට හැවිරිදි ලපයා පනික්කියලාගේ තරිඳු ලක්ෂාන් කුමාර නමැති පුද්ගලයන් දෙදෙනාය. මොවුන්ගේ මෘතදේහ මේ වන විට ගල්ගමුව මූලික රෝහලේ තැන්පත් කර තිබෙන අතර මෙලෙස පහර දීම සිදු කර පළා ගොස් ඇත්තේ යාය 05, රබොට්ටුකුලම ලිපිනයේ පදිංචි හතළිස් දෙහැවිරිදි මංජුල අජිත් කුමාර නමැති පුද්ගලයෙකි. මීට පෙරද මොහු විසින් කළහකාරි ලෙස හැසිරීම් සහ සොරකම් කිහිපයකටම බන්ධනාගාරගත වී සිටි පුද්ගලයකු බවද ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

කෙසේ නමුත් ගල්ගමුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගල්ගමුව – කුමා රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment