බහින්බස්වීම සමථයකට ගිය අය පිහියෙන් ඇන මරයි

642

අගලවත්ත ප්‍රදේශයේදී දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් සමථයකට පත්කිරීමට යෑමෙන් පසු පපුවට පිහියකින් ඇන එක්දරු පියෙකු ඝාතනය කර ඇතැයි මතුගම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත, කොස්ගහහේන, ප්‍රදේශයේ පදිංචිව සිටී ජී. ජයසේන නමැති 43 හැවිරිදි එකදරු පියකු බව සඳහන් වේ.

මියගිය අය තවත් පුද්ගලයන් දෙදෙනකු සමග පෙරේදා (27දා) කතාබස් කරමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණ ඇති පුද්ගලයකු මියගිය අය සමග සිටි අයෙකු සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් එය බේරීමට යෑමේදී එම පුද්ගලයා මරණකරුගේ පපුවට පිහියකින් ඇන ඇති බවට හෙළිව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

පපුවේ වම්පසට එල්ලවූ බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි සඳහන් වේ.

පහරදුන් පුද්ගලයා සොයා මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment