බහින්බස් වීම ගුටි කෙළියක් වී පාපන්දු කී‍්‍රඩකයින් 10කට වාරණ නියෝග

224

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ඒ ඒ පළාත් තුළ දැන් ක‍්‍රියාත්මක නිදහස් කුසලාන අන්තර් පළාත් පාපන්දු තරගාවලියට කළු පැල්ලමක් එක් කළ මධ්‍යම සහ ඌව යන දෙපළාතේ ක‍්‍රීඩකයන් 10 දෙනකු හට පාපන්දු ක‍්‍රීඩාව සම්බන්ධයෙන් වාරණ නියෝග පැන වීමට ශ‍්‍රී ලංකා පාපන්දු විනය කමිටුව තීරණය කර තිබේ.

පෙබරවාරි මස 02 දින කන්තලේ පිහිටි ලීලාරත්න ක‍්‍රීඩාංගණයේදී පැවති මධ්‍යම සහ ඌව අතර තරගයේ දී ඇතිවූ බහින් බස් වීම ගුටි කෙළියක් දක්වා දුර දිග යෑම හේතුවෙන් මෙම තීරණයට එළඹීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

පාපන්දු ක‍්‍රීඩා තරගයක සදාචාරයට හානි වන ආකාරයෙන් හැසිරීම පදනම් කර ගනිමින් දෙපිලේ ක‍්‍රීඩකයන් 06 දෙනකු හට රතු පත පෙන්වා පිටමං කිරීමට විනිශ්චකරු ලෙස කටයුතු කළ ඒ. ඒ. තරංග මහතා හට සිදුවිය. එය මෙරට පාපන්දු කෙළිබිමේ විශාල කළු පැලීම් සිද්ධියක් ලෙස වාර්තා වෙයි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස නිදහස් කුසලානය යටතේ ඉදිරියේදී පැවැත්වෙන ආසන්නම තරග දෙකකට සහභාගි වීම ක‍්‍රීඩකයන් 09 දෙනකුට තහනම් කර තිබේ.

ඒත් සමගම මධ්‍යම පළාත් කණ්ඩායම නියෝජනය කළ ජනිත් රත්නායක හට නැවත දැනුම් දෙන තුරු පාපන්දු තරග සහ පාපන්දු ක‍්‍රීඩාව සම්බන්ධ සියලූ කටයුතු වලින් ඉවත් කිරීමට විනය කමිටු තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුට පාපන්දු ක‍්‍රීඩාවට සම්බන්ධ කිසිම ක‍්‍රියාකාරකමකට සහභාගි වීම සපුරා තහනම් කර තිබේ.

පුහුණු සංචිතයට ඇතුළත් කර ගැනීම, ක‍්‍රීඩාගාරයට ඇතුළත් කර ගැනීම, නිලධාරී කලාපයට ඇතුළත් කර ගැනීම සහ තාක්ෂණික නිලධාරී කලාපයට ඇතුළත් කර ගැනීම තහනම් කර තිබේ. එහි වගකීම ප‍්‍රධාන පුහුණුකරුට සහ කළමනාකරුට පවරා තිබේ.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විනය කමිටුව එක්ව ඉදිරියේදී කරනු ලබන තීරණයට අනුව ඔහුගේ පාපන්දු ඉරණම තීරණය කෙරෙනු ඇත.

ඩබ්ලිව්.එච්.ජී.අයි. දේශප‍්‍රිය (මධ්‍යම), එස්. කේ. උමෙයිර් (මධ්‍යම), එම්. එච්. එම්. මොහොමඞ් (මධ්‍යම), ෆිරාස් සාහීර් (ඌව), එම්.ඒ.එම්. අෆ්රාන් (ඌව), කවිඳු රවිහංස (ඌව), එරන්ද නන්දන හේරත් (ඌව) එච්. එම්. කේ. චේතන (ඌව) සහ ඉශාන්ත ඩිල්ෂාන් (ඌව) යන ක‍්‍රීඩකයන්හට තරග දෙකක තහනමට අමතරව ඉදිරි වසරක කාලය තුළ පාපන්දු ක‍්‍රීඩාවේ සදාචාරයට හානිවන ආකාරයෙන් හැසිරුණහොත් ඔවුන්ගේ තහනම ඉදිරියට බලාත්මක කිරීමට ද ශ‍්‍රී ලංකා පාපන්දු විනය කමිටුව අදහස් කර තිබේ.

එදින තරගයේ දී කලහකාරී හැසිරීම මත එස්. කේ. උමෙයිර් (මධ්‍යම), එම්. එච්. එම්. මොහොමඞ් (මධ්‍යම), ෆිරාස් සාහීර් (ඌව), එම්.ඒ.එම්. අෆ්රාන් (ඌව), කවිඳු රවිහංස (ඌව), එරන්ද නන්දන හේරත් (ඌව) රතු පත (ඍැා ක්‍්රා) ලැබූ ක‍්‍රීඩකයන් වෙති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment