බහින් බස් වීම දුරදිග ගොස් අයියාගේ කැති පහරින් මල්ලී මරුට

112

පනාමුර පොලිස් වසමේ ඕමල්පේ, වම්බොටුයාය ගල්කන්දගොඩ ප‍්‍රදේශයේ 21 දා රාත‍්‍රී 7.10 ට පමණ වැඩිමහල් සහෝදරයා විසින් තම බාලසහෝදරයාට කැත්තකින් පහරදී ඝාතනය කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අලකොලදෙනියගේ කුමාරදාස (45) යන පස්දරු පියෙකි. සහෝදරයන් දෙදෙනා අතර මියගිය අයගේ මවගේ නිවසේදී බහින් බස්වීමක් සිදුව ඇත. එහිදී වැඩිමහල් සහෝදරයා විසින් තම බාල සහෝදරයාට කැත්තකින් හිසට සහ බෙල්ලට පහරදී ඝාතනය කර ඇත. නිවසේදී මෙම සිදුවීම සිදුව ඇති අතර පසුව අසල ඇති කොන්ක‍්‍රීට් මාර්ගයට සිරුර ඇදගෙන ගෙනත් දමා ඇත.

මේ වන විට සැකකරු පනාමුර පොලිසියට බාර වී ඇති අතර ඝාතනය සදහා භාවිතා කල ආයුධය පොලිස් භාරයට ගෙනන ඇත. ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ විමර්ෂණ පොලිස් නිලධාරීන් හා පනාමුර පොලිසිය එක්ව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඕමල්පේ – ප‍්‍රගීත් ජනක,

advertistmentadvertistment
advertistmentadvertistment