බහුජන සංවිධාන එක්ව ගාල්ලේ දැවැන්ත උද්ඝෝෂණයක්

77

රජයට විරෝධය පළ කරමින් නීතිඥයන් ප්‍රමුඛ බහුජන සංවිධාන 27ක සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ පාගමනක් 7 දා ගාල්ලේ දී පැවැත්විණි. එය ‘ගාලු විරෝධය’ ලෙස නම් කර තිබුණි.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, බොදු, කිතුනු, ඉස්ලාම් සහ හින්දු පූජ්‍ය පක්ෂ සමග ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත සහ වාණිජ මණ්ඩල, වෙළෙඳ සංගමය, වෛද්‍ය, ඉංජිනේරු ඇතුලු වෘත්තිකයන්, ගුරු, තැපැල්, වරාය, පරිපූරක වෛද්‍ය ඇතුළු වෘත්තිය සමිතිද මංගල සේවා සපයන්නන්, වෘත්තිය දේශකයන්, සමාජ ක්‍රියාකාරීන් එකතු කරගෙන දුර්දාන්ත පාලන තන්ත්‍රය පලවා හැරීම එකම අරමුණ කරගෙන කටයුතු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගාලු නීතිඥයන් විසින් මෙම ගාලු විරෝධතාව සංවිධානය කරන ලදී.

ගාල්ල එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද, රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment