බහුජාතික සමාගම්  අවුරුදු කාලේ පොල්තෙල් පෝලිමක් මවන්න හදනවා

238

– පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

රටපුරා පොල්තෙල් හිඟයක් මවා සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේදී පොල්තෙල් මිල ඉහළ නැංවීමට බහුජාතික සමාගම් සූදානම් වන බවට තොරතුරු දැනගන්නට ඇතැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් බුද්ධික ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවසීය.

පොල්තෙල් නිෂ්පාදන ගබඩා කර ඉදිරි අලූත් අවුරුදු සමයේදී විශාල ලාභයක් ඉපයීමට එම සමාගම් සූදානමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතාකළ බුද්ධික ද සිල්වා මහතා මෙසේ ද කියා සිටියේය. බහුජාතික සමාගම්වලට සම්බන්ධ වෙලා ඉන්න පිරිපහදු කරන ආයතන ටිකේ පෞද්ගලික බහාලූම්වල පොල්තෙල් විශාල ප‍්‍රමාණයක් ගබඩා කරලා සඟවා තබා සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේදී පොල්තෙල් පෝලිමක් හදලා රජය අපහසුතාවට පත් කරන්නයි මේ සමාගම් උත්සාහ දරන්නේ. පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට පොල්තෙල් නිෂ්පාදනය කරන්න අපි ලෑස්තියි. අපි නිෂ්පාදනය කරන පොල්තෙල් ටික හරියාකාරව දේශීය පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අපි මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියටත් දැනුම් දුන්නා. දැන් මේ බහුජාතික සමාගම් උත්සාහ කරන්නේ රටපුරා නැති පොල්තෙල් හිඟයක් මාවාපාලා පොල්තෙල් පෝලිමකුත් ඇති කරලා පොල්තෙල් මිල ඉහළ දාන්නයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment